පවතින නීති රාමුව තුළ තොරතුරු පනතට අනුව ඉල්ලීම් සිදු කරන ඕනෑම තොරතුරක් සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු ලබා දිය යුතු බව තොරතුරු කොමිසම සඳහන් කළේය.
ඇතැම් දෙපාර්තමේන්තුවලින් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් කළද එම තොරතුරු ලබා නොදෙන බවට මේ වන විට පැමිණිලි රැසක් ලැබී ඇති බව එම කොමිසම පවසා සිටියේය.
මෙම හේතුව මත තොරතුරු ලබාදෙන ලෙස තම කොමිසමට දෙපාර්තමේන්තු නිලධාරීන්ට නියෝග කිරීමට සිදුව ඇති තත්ත්වයක් මතුව ඇති බව එම කොමිසම පවසා සිටියේය.
රාජ්‍ය ආයතනවල තොරතුරු ඇතුළත් ලියකියවිලි මහජනතාවට අයිති බවද තොරතුරු කොමිසම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබදව දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව තොරතුරු කොමිසම සඳහන් කළේය.