OPEN

#

OPEN

#

Nov 13, 2016

ඉල් විරුවන් සමරන්න විරු සමරු තුනක් !

88 - 89 සමයේ ලංකා රාජ්‍යයට එරෙහිව දියත් වූ අරගලයේ දී දිවි දුන් සටන්කරුවන් අනුස්මරණය කෙරෙන ඉල් මහ විරු සමරු තුනක්, දේශපාලන පක්ෂ තුනක් විසින් පවත්වනු ලැබේ.

ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (13) එම සමරු උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා අවසන් කාලයේ දී නායකත්වය දුන් ජනතා සේවක පක්ෂය ඊයේ (12) ඉල් මහ විරු සමරුව පැවැත්විය.


විහාරමහා දේවී උද්‍යානයේදී :

1989 නොවැම්බර් 13 දා එවකට පැවැති එජාප ආණ්ඩුව විසින් ඝාතනය කරන ලද, ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවර, රෝහණ විජේවීර ඇතුළු අරගලයේ දී මිය ගිය ජ.වි.පෙ. සාමාජිකයන් සහ හිතවතුන් දහස් ගණනක් අනුස්මරණය කෙරෙන 27 වන ඉල් මහ විරු සමරුව, ‘සදා සමරමු සොහොයුරෝ’ තේමාව යටතේ 13 දා සවස 3.00ට එම පක්ෂයේ නායකයන්ගේ සහ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ එළමහන් රංග පීඨයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


එදිනම සවස 3.00ට ‘ඔබ මියගොස් නැත’ තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ස්ථාන හතරක දී විරු සමරු පවත්වයි.

නිට්ටඹුව ස.ණ.ස. ශාලාව, අලු‍ත්ගම නගර ශාලාව, බදුල්ල සෙනරත් පරණවිතාන පුස්තකාල ශාලාව සහ දඹුල්ල බස් නැවතුම්පළ ඉහළ මාලයේ නගර ශාලාව යන ස්ථානවල දී එම සමරු පවත්වන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සමරු දේශන අවසානයේ සමරු ගී ප්‍රසංග පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද පෙ.ස.ප. නිවේදනය වැඩිදුරටත් පවසයි.
 
(විමල් කැටිපෙ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top