Pasidol
Sathosa Ad Final Sinhala
Jul 08, 2017

ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න අභාවප්‍රාප්ත වෙයි !

Update - සත්හඬ පුවත්පතේ සම කර්තෘ ප්‍රභාත් වීරරත්න මහතා අද (08) උදෑසන ඇතිවූ හදිස්සි හර්දයා බාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.

ආදි ආනන්දීයෙක් වන ඒ මහතා, කථානායක කරෑ ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද, රන්දිව පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා, මවුබිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා, ලක්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා මෙන්ම යුක්තිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ අයෙකි.

ඒ මහතාගේ දේහය නොම්බර 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කර තිබේ.

ප්‍රභාත් මහතාගේ බිරිය වන නිශාමනී ජයකොඩි මහත්මිය ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරියයි.

ආදාහන කටයුතු ලබන සඳුදා (10) සවස 4.00ට මුල්ලේරියාව උඩුමුල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

-----------------------------------------------------------------

සත්හඬ පුවත්පතේ සම කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න මහතා ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ හදිස්සි හෘර්දයා බාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.

ආදි ආනන්දීයෙක් වන ඒ මහතා, කථානායක කරෑ ජයසූරිය මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙසද, රන්දිව පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා, මවුබිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා, ලක්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයා මෙන්ම යුක්තිය පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කළ අයෙකි.

ප්‍රභාත් මහතා දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

ඒ මහතාගේ දේහය නොම්බර 276/7, ජයන්ති මාවත, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ තැන්පත් කිරීමට නියයමිතය.

අවමංගල්‍ය කටයුතු සිදුකරන දියනය, ස්ථානය හා වේලාව පසුව දැනුම්දීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top