Pasidol
Sathosa Ad Final Sinhala
Jul 11, 2017

ඉසුරගෙ බද්ද වැරදියි

සංවර්ධන නොකර අතහැර දමා ඇති ඉඩම් වලින් බද්දක් අය කිරීමට පළාත් සභාවලට බලය නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඊයේ (11දා) කියා සිටියේ බස්නාහිර පළාතේ සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම් වලින් ඉඩමේ වටිනාකමින් සියයට 02ක උපරිමයකට යටත්ව බද්දක් අය කරන ලෙස පළාත් පාලන ආයතන වෙත උපදෙස් ලබාදුන් බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙවැනි බද්දක් පැනවීමට අයිතියක් ඇත්තේ පළාත් සභාවට නොව පාර්ලිමේන්තුවට බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top