අද (15) හිමිදිරි උදෑසන 1.47 ට පමණ අදාළ අවන්හලෙන් නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් නෙස්කැෆේ කෝප්ප දෙකක් මිලදී ගෙන ඇති අතර එම නෙස්කැෆේ තොලගෑ සැනින් ඒවා බීමට නුසුදුසු බව තේරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අවන්හලේ සේවකයන්ගෙන් විමසීමක් කර තිබේ.
එහිදී හෙළිව ඇත්තේ එම නෙස්කැෆේ කොප්ප දෙක සකස්කර දී ඇත්තේ අදාල යන්ත්රය සේදීමෙන් ඉතිරි වූ දෙයින් බවයි.
එම අවස්ථාවේදි අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකය වන 1969 අමතා මේ ගැන පැමිණිලි කරන්නට කටයුතු කුමාරප්පෙරුම මහතා කටයුතු යොදා ඇති අතර එම ඇමතුමට පිළිතුරැ ලබාදුන් නිලධාරියා සේවා ප්රදේශයේ කලමණාකරැට එය දැනුම් දිය යුතු බව බවසා තිබේ .
ඒ අනුව ඔහුගේ දුරකථන අංකය ද ඒ මහතාට ලබාදී ඇති අතර එම අංකය වූ 0778818622 අංකයට කතා කල විට දැන ගත හැකිව ඇත්තේ ඔහු අසනීපව නිදන බවයි.
සේවා ප්රදේශයේ ඇති කාර්යාලයට ගියද සියලු දොර හැර දමා තිබුනද කිසිවකු කාර්යාලය තුල සිටියේ නොසිටි බවද කුමාරප්පෙරුම මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් දක්වා තිබේ.
සාක්ෂියක් වශයෙන් හිස්ව ඇති කාර්යාලයේ ජායාරෑප කිහිපයක් ඔහු විසින් ගෙන ඇති අතර අවසන කිසිදු ආකාරයක පැමිණිල්ලක් කර ගත නොහැකි ව සේවා ප්රදේශයෙන් පිට වූ බවද ඒ මහතා සිය සටහනේ වැඩිදුරටත් ඇතුළත්කර තිබේ.
මෙය වගකිව යුත්තන්ගේ අවධානය පිණිස සටහන් කරන බවද කුමාරප්පෙරුම මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.