පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය සුමිත් අඹේපිටිය මහතා විසින් මේ බව හෙළිකර ඇත.
මෙසේ මියගියේ විසිහතර හැවිරිදි යසසිරු තිසර කුමාර ගලප්පත්ති නැමැති තරුණයෙකි.
ඔහුගේ මිතුරන් පැවසුවේ සාදයක් සඳහා පසුගිය 14 වැනිදා පස්වරුවේ ඔවුන් අදාළ හෝටලයට ගිය බවයි.
එහිදී එම තරුණයා තනිව කාමරයකට ගොස් තිබු අතර පසුව කළ සොයා බැලීමකදී නාන කාමරය තුළ වැටී සිටි ඔහු සොයා ගැනීමට මිතුරන්ට හැකිව තිබේ.
අනතුරුව ඔවුන් එම තරුණයා ඇඳ මත තබා නින්දට ගොස් ඇත.
කෙසේවුවද පසුදින මිතුරන් ඔහු අවදි කිරීමට උත්සහ කර තිබු අතර ඒ වන විටත් එම තරුණයා මියගොස් තිබිණි.