Pasidol
Sathosa Ad Final Sinhala
Jul 17, 2017

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගනී

මාළඹේ,නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට අදාළ ගිවිසුමට අද (17දා) උදෑසන අත්සන් තැබුණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දැන් පැවැත්වෙන උත්සවය අතරතුරදීය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර අතර එම ගිවිසුමට අත්සන් තැබුණි.

රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු ශික්ෂණ රෝහලක් ලෙස පවත්වාගෙන යන බව විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙහි සෞඛ්‍ය සේවා කටයුතු අගෝස්තු මස 01 වනදා සිට ආරම්භ කරනු ඇත.

සබැඳි පුවත්
මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳුදා රජයට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top