Pasidol
Sathosa Ad Final Sinhala
Nov 14, 2016

පියා කඩුවෙන් කොටා දරු දෙදෙනයි බිරියයි මරයි

සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී තම බිරිඳ සහ දරු දෙදෙනා මරා දැමීමේ පුවතක් ත්‍රිකුණාමලය, කන්නියා, තිරුකුඤ්ඤමලේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (13 දා) පෙරවරුවේ නිවසේදී මෙම පහරදීමෙන් දියණියන් දෙදෙනා එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇති අතර බිරිඳ බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව උප්පුවේලි පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ එල්. ගයාත්‍රි (10) හා එල්. සන්ධ්‍යානි (08) නමැති දරුවන් දෙදෙනකු හා තිස්‌අට හැවිරිදි විශ්වලිංගම් විද්‍යා නමැති කාන්තාවයි.

මේ පුද්ගලයා නිවස තුළ සිය දරුවන්ට හා බිරිඳට කඩුවකින් පහර දෙමින් සිටියදී ප්‍රදේශවාසීන් පැමිණ බේරා ගැනීමට උත්සාහ කළ ද ඔහු ප්‍රදේශවාසීන්ට ද කඩුවෙන් පහරදීමට උත්සාහ කර තිබේ.

අනතුරුව එම ස්‌ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සමඟ උප්පුවේලි පොලිසියේ නිලධාරීන් වහලයෙන් ඇතුළු වී ඝාතකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතකයා, ත්‍රීකුණාමල නගර සභාවේ සුළු සේවකයෙක් බවද මේ අතර වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top