Nov 14, 2016

විමල් වීරවංශ FCID කැඳවයි

පාර්ලිමේන්තු විමල් විරවංශ මහතාව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

ඉදිරිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සිදු කළ අක්‍රමිකතා හා රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

මිට පෙර අවස්ථා කිහිපයකදී ද විමල් විරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදී තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top