Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 14, 2016

යාපනය නගරයේ දුර්ගන්ධයක් !

යාපනය බස්නැවතුම්පල හා ප්‍රධාන වෙළඳපොළවල් ආශ්‍රීතව දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බව ප්‍රදේශවාසීහු කියති. මේ හේතුවෙන් ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණ පෑමට සිදුව තිබේ.

යාපනය නගර සභාවේ අනියම් සේවකයින් වැඩ වර්ජනයක නිරතව සිටින අතර කැළි කසල බොහෝ සෙයින් එක්ව තිබීම ඊට හේතුවී ඇත.

යාපනය නගර සභාවේ අනියම් සේවකයන් වසර 20ක පමණ කාලයක් පුරාවට සේවය සිදුකළ හෙයින් තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා සිදුකරන වැඩවර්ජනය අද (14දා) අට වැනි දිනටත් ක්‍රියාත්මක වුවද මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබුණු බව ඔවුහු පවසති.

පසුගිය 07 වැනිදා යාපනය නගර සභාව ඉදිරිපිට ආරම්භ කළ වැඩවර්ජනයේ නිරත අනියම් සේවකයන් කියා සිටින්නේ වසර 20ක පමණ කාලයක් පුරාවට සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කළද මෙතෙක් ස්ථීර නොවීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර, මෙතෙක් කිසිදු දීමනාවක්ද නොලැබී ඇති හෙයින් තම සේවය වහාම ස්ථීර කර සියලු දීමානාවන් ලබා දෙන ලෙසයි.

jaffna11jaffna12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top