Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 17, 2016

මාලදිවයිනේ ගණිකා වෘත්තියට තරුණියන් යවලා !

මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා ශ්‍රී ලාංකික තරුණියන් යැවූ ජාවාරමක ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසිනි.

අනතුරුව සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එක් තරුණියකට මසකට රු. 150,000ක වැටුපක් ලබා දෙමින් අදාල සැකකරුවන් දෙදෙනා විසින් මේ වනවිට ලාංකික තරුණියන් 100කට අධික ප්‍රමාණයක් මාලදිවයිනේ ගණිකා වෘත්තිය සඳහා යොදවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කළ නිවේදනයක වෙයි.

මෙම ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ කටයුතු සිදුකරන බව එම කාර්යාංශය සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top