Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2016

ජාලිය වික්‍රමසුරිය රිමාන්ඩ් (UPDATE)

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය දෙසැම්බර් 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.

update 11.59PM


ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය ගීතාන් වික්‍රමසූරිය මහතා ඊයේ (17දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටින් පැන යාමට සූදානම් වෙද්දී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ අලුයම 3.00ට පමණ ඔහු මෙ‍ෙස් රටින් පිටව යෑමට සූදානම් වෙද්දී රැකවල්ලා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරින් ඔහු අත්අඩංගුවට ගෙන ඒ අවස්ථාවේම මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ගෙන විත් තිබේ. එතැන් සිට ඊයේ රාත්‍රී 10.00 පමණ වන තෙක් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තාවේ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටියදී සිදුකළැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ දින ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

එහෙත් මොහු එම අවස්ථාව මඟහැර රටින් පිටව යාමට කටුනායකට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top