Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2016

යාපනයේ සිසු ඝාතනය; පොලීසියේ 5 යළි රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන පොලිස් නිලධාරින් පස් දෙනා යළිත් දෙසැම්බර් 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (18දා) නියෝග කළේය.

සැකකාර පොලිස් නිලධාරින් යළිත් අධිකරණයට ඉදිරපිත් කළ අවස්ථාවේදී මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබීය.

පසුගිය ඔක්තෝබර් මස 20 වනදා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අභිරහස් ලෙස මියගොස් සිටි අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබුණි.

සබැදි පුවත්

සිසුන් දෙදෙනා මියගිය සිද්ධියට පොලීසියේ 5ක් ඇතුළට

'මගේ පුතා ත්‍රස්තවාදියෙක් නොවෙයි' -යාපනය සුලක්ෂන් සිසුවාගේ මව 

යාපනයේ සිසු ඝාතනය: දෙමාපියන්ට පොලිස් බලපෑම් 

'අණ නොතකා පලා යද්දී වෙඩි තියන්න බලයක් නැහැ'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top