Nov 18, 2016

ශ්‍රී ලංකාවෙන් 32ක් IS සංවිධානයට එකතුවෙලා

ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(18දා)පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද සිට රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top