Nov 18, 2016

අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

නව රජයේ දෙවැනි අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් අද (18) සන්ධ්‍යාවේ සම්මත විය.

මෙම රජය ලැබු ජයග්‍රහණයක් බව රජය කියයි.

අයවැයට පක්ෂ 162 ක් ද විපක්ෂව 52 ක් ද ලැබිණි.

වැඩි ඡන්ද 107 කින් අයවැය සම්මත වු බව සම්මත වු බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය රජය සමඟ ඡන්ද දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ඡන්දය දුන්හ.

හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රිවරු 7 ක් ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ නොසිටියහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top