Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2016

'E News' කර්තෘ පුලන්නෙක්' - අධිකරණ ඇමති කියයි (වීඩියෝ)

වත්මන් රජය විසින් ඉතා අසීරුවෙන් ගොඩ නගා ගත් අධිකරණයේ ස්වාධීනත්වයට 'ලංකා ඊ නිව්ස්' සහ එහි කතුවරයා බරපතල ලෙස හානි කරන බවත් එය ජාතික අනතුරක් බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් ඔහු එබව සඳහන් කළේය.

'ලංකා ඊ නිව්ස්' කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු එහිදී අවධාරණයෙන් පැවසීය.

'ලංකා ඊ නිව්ස්' නිසා විනිසුරුවරයෙකුට ස්වාධීන තීන්දුවක් දිය නොහැකි වී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

ඊට උදාහරණ ලෙස ඔහු කීවේ තීන්දුවකට පෙර විනිසුරුවරයා කෑමට ගිය තැනත් මුදල් ගත් අය ගැනත් 'ඊ නිව්ස්'හි පළ කරන බැවින් විනිසුරුවරුන්ට ස්වාධීනව තීන්දු දිය නොහැකි වී ඇති බවයි.

එබැවින් ලන්ඩනයේ නොව කොහේ සිටියත් ලංකාවට ගෙන්වා නඩු අසන බව ඔහු පැවසීය.

මඩ ගසන කතුවරයා :

විජයදාස රාජපක්ෂ මහතා සිය කතාවේදී එල්ටීටීඊ සංවිධානයේ කාන්තා සන්නද්ධ අංශයේ ප්‍රධානීව සිටි තමිලිනී ට “මැතිනිය“ ලෙස ආමන්ත්‍රණය කළ අධිකරණ ඇමැතිවරයා 'ලංකා ඊ නිව්ස්' කතුවරයා හැඳන්වූයේ ‘පුලන්නෙකු‘ ලෙසය.

ලංකා ඊ නිව්ස් කතුවරයා රටින් පන්නා දැමූ පුලන්නෙකු මිස මාධ්‍යවේදියෙකු නොවන බවත්, වෙබ් අඩවියේ මුදල් ඉල්ලා දැන්වීමක් දමා තිබෙන බවත්, විජයදාසට මඩ ගසන්නැයි කෙහෙළිය පවුම් 100 ක් කතුවරයාට දුන්නොත් මඩ ගසන්නෙක් බවත් විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

(උපුටා ගැනීම - ලංකා ඊ නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top