Pasidol
Sathosa Ad Final Sinhala
Sep 09, 2017

ආණ්ඩුවෙන් යන්න සිටි මන්ත්‍රීලා පීල්ල මාරුකරලා !

යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය නිමවීමත් සමඟ ඉන් ඉවත්වීමට සූදානම්ව සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිස තවදුරටත් ආණ්ඩුවේම රැඳී සිටීමට තීරණය කර ඇති බව එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසූ බව දේශය පුවත්පත වාර්තාකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් එහෙත් එය තාවකාලික තීරණයක් බවත් ඔහු සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සාධනීය කරුණු කාරණා කිහිපයක් නිසා මෙම තීරණය ගෙන තවදුරටත් ආණ්ඩු පක්ෂයේ රැඳී සිටීමේ තීරණය ගෙන ඇති බවද පැවසේ.

මෙම තීරණය ආණ්ඩුවෙන් ඉවත්වීමට සිටි මැති ඇමැතිවරු 12 දෙනා එක්ව ගත් සාමූහික තීරණයක් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසූ බවද එහි සඳහන් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top