Nov 20, 2016

පිටරට කුරුල්ලන් බලන්න අද තලවතුගොඩට එන්න

ශ්‍රී ලංකාවට වසරකට වරක් විවිධ රටවලින් පැමිණෙන 200 කට ආසන්න කුරුල්ලන් දැක බලා ගනිමින් ‍එම පක්ෂීන් සම්බන්ධව දැනුම්වත් වීමට අද ( ඉරිදා)  පෙරවරු 7 ට තල්වතුගොඩ ජෛව විවිධත්ව උද්‍යානයේ කුරුලු පාරාදීසයට එන්නැයි කොළඹ විශ්විද්‍යාලයීය ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යන කවය ආරාධනා කරයි.

එම අධ්‍යයන කවයේ 40 වන සංවත්සරය නිමිත්තෙන් පක්ෂීන් කෙරෙහි උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් මෙදින පෙරවරු 7 සිට පස්වරු 5.30 දක්වා එම පක්ෂීන් නැරඹීමේ අවස්ථාවේදී ජාත්‍යන්තර කුරුලු සංවිධානයේ අධ්‍යක්ෂිකා පැට්‍රීෂියා ලොලීටා මහත්මිය ද මහාචාර්ය සරත් කොටගම මහතා ඇතුළු විද්වතුන් රැසක් ද සහභාගි වීමට නියමිතය.

‍මෙම අගනා දුර්ලභ අවස්ථාව සියැසින් දැක බලා ගැන්මට පැමිණෙන්නවුන් 0718440144 දුරකථන අංකයට ඇමැතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ සම්බන්ධීකාරක මාලක රුද්‍රිගු මහතා පැවැසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top