ශ්රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට බෙදී කටයුතු කිරීමෙන් ඉදිරියේදී සිදුවිය හැකි පරාජයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඉක්මන් සාකච්ඡාවක් පැවැත්වීමට දෙපාර්ශ්වයේ ක්රියාකාරී මන්ත්රීවරුන් පිරිසක් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තාවේ.
කෙසේවුවද මහින්ද – මෛත්රී සාකච්ඡාවක් සඳහා තවමත් දින යෝජනා වී නැති බව අප සමඟ අදහස් දක්වමින් ශ්රීලනිපයේ ජෙෂ්ඨ උපසභාපතිවරයකු පැවසුවේය.
ශ්රීලනිපයේ බහුතර පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසකගේ අදහස මෙවන් සාකච්ඡාවක් පැවැත්වීම බවත් බහුතරයේ අදහසට නායකයන් දෙදෙනා කැමතිවනු ඇති බවත් ඔහු කීය.
(රාවය)