Pasidol
Sathosa Ad Final Sinhala
Oct 08, 2017

ඉංජිනේරුවන් හා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් වෙයි !

ජාතික විශ්‍රාමික දිනය අදට (08) යෙදී තිබේ. 
 
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සදහන් කළේ, සියලු පළාත් ආවරණය වන පරිදි ඊට අදාළ සැමරුම් උත්සව සංවිධානය කර ඇති බව ය.
 
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා පැවසුවේ ජාතික විශ්‍රාමික වැටුප් දිනයට සමගාමීව රාජ්‍ය සේවකයින් සඳහා නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
 
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාවේ සංශෝධනය කිරීමේ තීරණයක් ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
 
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ට වයස අවුරුදු 63 සහ ඉංජිනේරුවන්ට වයස අවුරුදු 61 දක්වා සේවය කළ හැකි බවද ඔහු කීය.
 
වසරේ මේ දක්වා කාලය වන විට ලක්ෂ 6 කට ආසන්න පිරිසක් විශ්‍රාම වැටුප් ලබන බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top