OPEN

#

OPEN

#

Nov 22, 2016

සදාචාර විරෝධී අයවැය යෝජනාවක් !

දුම්පානයට එරෙහි ප්‍රචාරක වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන පන්සියයක් දුම්කොළ සමාගමෙන් ලබාගැනීමට මෙවර අයවැයෙන් කෙරුණු යෝජනාව සදාචාර විරෝධි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සඳහා දුම්කොළ සමාගමකින් මුදල් ලබා ගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ශ්‍රී ලංකාව 2003 දී අත්සන් කළ ප්‍රඥප්තියට ද පටහැනි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දුම්පානය අවම කිරීම සඳහා දැනටමත් විවිධ පියවර ගෙන තිබෙන බව ද ඇමතිවරයා කියා සිටියි.

ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය තහනම් කිරීම, දුම්වැටි ඇසුරුම්වල සියයට අසූවක් රූපමය අවවාද යෙදීම සහ දුම්කොළ නිෂ්පාදනවලට බදු වැඩි කිරීම එවැනි පියවර කිහිපයකි.

දුම්වැටිවල මිල වැඩිකිරීම නිසා දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව සියයට 4 ක් පමණ දක්වා අඩු වී ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top