Nov 22, 2016

මාර්ගවලට යටවූ කුඹුරුවලට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක්

පොළොන්නරුව නව නගරයේ විකල්ප මාර්ගය ඉදිකිරිමට ගොවින්ගේ කුඹුරු ඉඩම් අක්කර 64ක් රජයට පවරාගෙන ඒ සදහා වන්දි මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් එම කුඹුරු හිමියෝ (22) කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

එය පැය 3ක පමණ කාලයක් පැවැතිණි.

මෙම විරෝධතාවය සදහා 300 දෙනෙකු පමණ එක්ව සිටියහ.

විරෝධතාවය හේතුවෙන් කොළඹ මඩකලපු ප්‍රධාන මාර්ගය අවහිර වූ අතර පසුව විරෝධතාකරුවන් සතියක කාලයක් තුළ තමන්ට නිසි ලෙස වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් තමන් මාරාන්තික උපවාසයක් සිදු කරන බව පවසමින් විරෝධතාව අවසන්කරමින් විසිර ගියහ.

ඡායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක

ProtestP 02670px 22 11 16.jpg

ProtestP 03 670px 22 11 16.jpg

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top