OPEN

#

OPEN

#

Nov 23, 2016

'පත්තරවල මුල්පිටුව කසල ගොඩක් වෙලා' - ජනාධිපති

පුවත්පත රටක අනාගතය ගොඩනැඟීමේ තීරණාත්මක සාධකයක් වුවත් වර්තමානයේ අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව රට නැති කරන පිටුව බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය.

අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව සරසන්නේ ස්ත්‍රී දූෂණ, මිනීමැරම්, මංකොල්ලෑකෑම්, දේශපාලන ගැටුම් වැනි කසළ ගොඩවලින් බව ද ජනාධිපතිවරයා පැවසිය.

ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී ඊයේ සවස පැවැති තාක්‍ෂණ හා විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා රටේ පුවත්පත්වල මුල් පිටුවල දරුවන්ට රාජ්‍ය නිලධාරීන් හෝ පොදු මහජනතාවට අවශ්‍ය දෙයක්‌ පළවන්නේ නැති බවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව ලෝකයේ කිසිදු රටක නැති දේශපාලන චින්තනයක්‌ බවට පත්වී ඇතැයිද කීවේය.

රටක්‌ ගොඩනැගීමේ කාර්යයේදී මාධ්‍යයට ඇති වගකීම සුළු පටු කාරණයක්‌ නොවන බවත් එහෙත් අප රටේ මාධ්‍යයට ආණ්‌ඩු පෙරලන්න ආණ්‌ඩු අප්‍රසාදයට පත් කරන්නට දේශපාලනඥයින් හදන්න දේශපාලඥයින් බලයෙන් ඉවත් කරන්නට අවශ්‍ය වී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top