එහි විධායක අධ්යක්ෂ රජිත් කීර්ති මහතා නිවේදනයක් නිකුත්කරමින් මේ බව කියා සිටී.
එම දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ නිලධාරින්ගෙන් සැදුම් ලත් ප්‍රසම්පාදන කමිටුවක් මඟින් අදාල ටෙන්ඩර් මිළ ගණන් පිළිබඳ විමසීම් සිදුකරමින් සිටින අතර එම හැදුනුම්පත් සඳහා ලැබී ඇති අවම ටෙන්ඩරය රුපියල් 40.00 ක් බවද එහි දැක්වේ.
මෙම ගැටුමේ ප්රථිඑලයක් ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වරයා ලෙස ආගමන විගමන අතිරේක පාලක ලියාන් ගුණතිලක මහතා ගේ නම නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති බවද පැවසේ.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පසුගිය සමයේ කැෆේ, පැෆරල් හා සීඑම්ඊවී ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමඟ එක් වී හැදුනුම්පත් නොමැති පුද්ගලයින් වෙත සහන සැලසීමේ පුළුල් ව්‍යාපාරයක නිරතවූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ගල් අඟුරු වංචාව සහ බැඳුම්කර වංචාව ආදී වත්මන් යහපාලන රජයේ ඉස්මතුවී ඇති වංචා දූෂණ මාෆියාව විසින් රාජ්‍ය යාන්ත්‍රණයෙන් දුෂණයට එරෙහි නිළධාරීන් පන්නා දැමීමේ ක්‍රියාන්විතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සෘජු අවධානය යොමු වනු ඇතැයි එම සංවිධානය අපේක්ෂාවෙන් සිටින බවද එම නිවේදනය මගින් කියා සිටී.
එම නිවේදනය මෙතනින් දැක්වේ.