OPEN

#

OPEN

#

Nov 23, 2016

'විජේදාසගේ මතය රජයේ මතය නොවේ' - රාජිත

අයි.එස්. සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිළිබඳ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය රජයේ මතය නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේ, ආරක්ෂක රාජ්‍ය වාර්තාවලට අනුව අයි.එස් සංවිධානයට සම්බන්ධ කිසිඳු ශ්‍රී ලාංකිකයෙකු සහ එම සංවිධානයට සම්බන්ධට පිටරටින් පැමිණ දේශන පවත්වන කිසිඳු පුද්ගලයෙකු පිළිබඳව වාර්තා වී නැති බවයි.

අරාබි භාෂාව ඉගැන්වීම සඳහා විදිමත් ක්‍රමවේදයක් යටතේ දේශකයන් මෙරටට පැමිණ ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

රාජිත හෙට සිරස්තලයත් කියයි :

එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය අසත්‍යයක්දැයි මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ “දැන් මම ඔය වචනේ කිව්වාම ඕකනේ හෙට උදේ නිවුස් එක වෙන්නේ..’රාජපක්ෂ බොරු කිව්වා රාජිත කියයි’ ඕකනේ දැන් කියා ගන්න ඕනේ..මට කියන්න බැහැ කවුරුහරි ඇත්තද බොරුද කිව්වෙ කියලා. මම කිව්වේ ආරක්ෂක තොරතුරු.” යනුවෙනි.

සබැඳි පුවත් :

"ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නැහැ" - විජේදාස

අධිකරණ ඇමැතිට මුස්ලිම් කවුන්සිලයේ විරෝධය

ශ්‍රී ලංකාවෙන් 32ක් IS සංවිධානයට එකතුවෙලා 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top