Pasidol
Sathosa Ad Final Sinhala
Nov 24, 2016

බැඳුම්කර සිද්ධිය: 'නීතිය අකුරටම' - ජනපති කියයි

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියල්ලන්ට තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ කමිටුව සකස්‌ කළ වාර්තාව භාර ගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැති ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක්‌ පත්කර තිබු අතර, ඊට අදාළ වාර්තාව නිසි ලෙස අධ්‍යයනය කර කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවැසූ බව  මහින්ද අමරවීර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බැඳුම්කර සිද්ධියේදී වංචාවක් සිදුව ඇතැයි අල්ලස් හෝ දුෂණ කොමිසමට පැමිණිලි කලේ මහින්ද අමරවීර ඇමැතිවරයාය.


අගමැති සම්බන්ධ නෑ :


මේ අතර මුදල් රාජ්‍ය ඇමති, ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  කියා සිටියේ, මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ද නැති බවයි.

 මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ කිසිදු ලේඛණයක අගමැතිවරයාගේ නම සදහන්ව නැති බව ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top