Nov 24, 2016

වෙඩි තැබිමකින් පුද්ගලයෙකු මරුට

මිනුවන්ගොඩ පීල්ලවත්ත ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල අද (24දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව වාර්තාවේ.

ඔහු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බව ද වාර්තාවේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සැක කරයි. කෙසේ වෙතත් මෙතෙක් කිසිදු සැකකරුවෙකු හදුනාගෙන නොමැති බව පොලිසිය සදහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top