Nov 24, 2016

ධර්මාරාජ සිසුවාට පහරදුන් සිව්දෙනාට පොලිස් ඇප

මහනුවර ධර්මරාජ පාසල ඉදිරිපිටදී සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් තරුණයින් හතරදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇත.

දෙපාර්ශවය පොලීසියට කැදවා සිද්ධිය සමතයකට පත් කිරීමෙන් අනතුරුව මුදාහළ බව පොලීසිය පවසා ඇත.

ඉකුත් 21 වෙනිදා පාසල නිමවී පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි සිසුවෙකුට අදාළ තරුණයින් හතරදෙනා විසින් පහරදී ඇත.

විනයානුකූලව කොණ්ඩය කපන්නැයි ශිෂ්‍ය නායකයෙකු කළ අවවාදය අදාළ ගැටුමට හේතුවී ඇතැයි පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top