OPEN

#

OPEN

#

Nov 24, 2016

අල්ලස් කොමිසමේ නව අධ්‍යක්ෂ වැඩ අරඹයි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජෙනරාල් ජනාධිපති නිතීඥ සරත් ජයමාන්න මහතා අද (24දා) වැඩ භාර ගෙන තිබේ.

 ‘මගේ මුලික පරමාර්ථය සාමුහික සහයෝගයෙන් මේ සියලුම කණ්ඩායම් එකතු කරගෙන ඉතාමත්ම ඉක්මනින් කාර්යක්ෂමව හා වෘත්තීම මට්ටමින් මෙම විමර්ශන වල ප්‍රතිඵල කොමසාරිස්වරුන් වෙත ඉදිරිපත් කිරීමත් ඒ අනුව ඔවුන්ගේ තීරණ මත නඩු පවරනවාද නැද්ද කියන එක සම්බන්ධව කටයුතු කිරීමයි”  යනුවෙන් ඔහු සදහන් කර සිටියි.

 රාජකාරිය අවංකව හා හෘදයාංගමව ඉටු කිරීමට තමා  බැඳී  සිටින බවත් බොහෝ දෙනෙක් මෙම කොමිෂන් සභාව ගැන බලාපොරොත්තු සහිතව සිටින බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top