OPEN

#

OPEN

#

Nov 24, 2016

අනුරගේ උපන් දිනයේදී ලොකු පුටුවකට ආරාධනාවක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අදට (24) යෙදී ඇති අතර, හිටපු කෘෂිකර්ම ඇමතිවරයකු වන ඔහුට තම අමාත්‍යංශය සමග එක්ව වැඩ කිරීමට එක්වන්නැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.

''හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙකු මෙන්ම කෘෂි කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට කෘෂිකර්ම අමාත්‍යාංශය හා එක්ව වැඩ කිරීමට ආරාධනා කරන'වා' යයි ඇමතිවරයා පැවසුයේ, කෘෂිකර්ම අමාත්‍යාංශය පිළිබඳ වැය ශිර්ෂයට අදාළ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

කෘෂිකර්මාන්තයේ ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව අනුර කුමාර දිසානායක මහතාට මෙම ආරාධනාව සිදු කෙරිණ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top