Pasidol
Sathosa Ad Final Sinhala
Nov 25, 2016

නූරි අධිකාරී ඝාතනයට 18ක් පෝරකයට

නූරියවත්ත මිනී මැරුම් නඩුවේ සැකකරුවන් 21 දෙනාගෙන්  18 දෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු එම්.ඩී.එස්.අබේරත්න මහත්මිය අද (25දා) මරණ දඬුවම නියම කළාය.

ඉතිරි විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර  ඔහුගේ  ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක 1978 ව්‍යවස්ථාව අනුව පුද්ගල ඝාතනයට අදාළව චූදිතයන් වැඩිම පිරිසකට මරණිය දණ්ඩනය ලබාදුන් අවස්ථාව ලෙස නූරි නඩුව ඉතිහාසයට එක්වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top