Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 06, 2017

ගාමිණී සෙනරත් අධිකරණයට භාරවෙන්න සූදානමින්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානි වී ගාමිණී සෙනරත් මේ මස 09 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වීමට සුදානම් බව ඔහුගේ නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (06 දා) දන්වා සිටියේය.

ඒ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් තමන්ට එරෙහිව සිදු කරන පරීක්ෂණය සඳහා පූර්ණ සහය ලබා දෙන බව හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පරීක්ෂණවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දෙන්නේ නම් ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගැටළුවක් මතු නොවන බවයි.

ඒ අනුව පරීක්ෂණ වලට සහය ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දන්වා තිබේ.

පෙත්සම නැවත ලබන 17 වනදා කැඳවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top