Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 07, 2017

පීඩාකාරි ඇමතුම් හෝ SMS යැව්වොත් දඬුවම්!

හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ සභ්‍ය නොවන පණිවුඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ රටේ උද්ගත වූ ඇතැම් තත්ත්වයන්ට නොමඟයවන සුළු කෙටි පණිවිඩ මූලික හේතුවක් වූ බවයි.

මේ අතර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංග කියාසිටියේ පෙට්‍රල් අර්බුදය හටගැනීමට ප්‍රධාන හේතුව නොමඟයවනසුළු කෙටි පණිවුඩයක් නිසා බවයි.

මේ හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගනිමින් පෙට්‍රල් වැඩි වශයෙන් එක්රැස් කිරීමට යොමුවී ඇති බවත්, එම තත්ත්වයෙන් පෙට්‍රල් අර්බුදය තවත් උග්‍ර වූ බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top