Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 11, 2017

ශ්‍රී ලන්කන් රටට ම බරක් - මංගල

තුන් මසක කාලයක් තුලතදී කඩිනමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇති බවත්, රජය කවර ආකාරයකට හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බර දැරීමට සූදානම් නැති බවත් මුදල් හා මාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවැසුවේ සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා එහිදී සඳහන් කලේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරි මාස තුන ඇතුළත කමිටුවක් පත්කර එහි නිර්දේශය අනුව කැබිනට් මණ්ඩලය තීරණයක් ගනු ඇති බවයි.

මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මහජන මුදලින් තවදුරටත් මෙවැනි ආයතන නඩත්තු කිරීමේ හැකියාවක් නොමැතිවීම හා එවැනි බරක් දැරීමට රජයට හැකියාවක් නොමැති බවද තිත්තවැල්ල මහතා පැවසිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top