Pasidol
Sathosa Ad Final Sinhala
Nov 18, 2017

ඥානසාර හිමි ගිංතොටට වැඩම කරති !

ගාල්ල ගිංතොට ප්‍රදේශය ආශ්‍රිතව නොසන්සුන්තාවයක් පවතිද්දී බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගාල්ල ගිංතොට ප්‍රදේශයට වැඩම කර ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ න්‍යයාචාර්ය, දිලන්ත විතානගේ මහතා පැවසුයේ, ගිංතොට ප්‍රදේශයේ හිමිවරුන් කිහිපනමක ගෙන් හා මුස්ලිම් කණ්ඩායම් කිහිපය ඉල්ලීම මත උන්වහන්සේ අද උදැසන ගාල්ල ගිංතොටට වැඩම කල බවයි.

'' උන්වහන්සේ ගිංතොට ප්‍රදේශයට වැඩම කර ඒ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා හා මුස්ලිම් කණ්ඩායම් සමග සාකච්ජා කළා. නොසන්සුන්තාවය සමනය කරන්න කතාබහ කළා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුන රැස්වීමටද උන්වහන්සේ සහභාගී වුනා. වජිර අබේවර්ධන ඇමතිතුමා සමගත් සාකච්ජා කළා . රෝහලටත් ගියා . සාමකාමිව කටයුතු කරන්නයි උන්වහන්සේ දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියා. '' යයි විතානගේ මහතා කියා සිටියේය.

ගිංතොට ප්‍රදේශයේ ඊයේ (නොවැම්බර් 17) දෙපිරිසක් අතර හටගත් නොසන්සුන් තත්ත්වය මේ වන විට රජයේ මැදිහත්වීමෙන් යහපත් අතට පත්කර ඇත.

ganaa2ganaa3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top