Pasidol
Sathosa Ad Final Sinhala
Nov 20, 2017

ඉන්ධන හිඟයක් නැහැ : කටකතා බොරු !

ඉන්ධන හිඟයක් ඇති බවට පලවන රාවයන් අසත්‍ය බවත් රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බවත් ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා අවධාරණය කර සිටියි.

එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් පමණක් මෙට්‍රික් ටොන් 27,497ක් මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා සංකීර්ණවල ගබඩා කර ඇති බවත්, රට පුරා ඇති ඉන්ධන ගබඩා සංකීර්ණ 11ම මේ වනවිට පිරී පවතින බවත් ඔහු පැවසිය.

ඉන්ධන හිඟයක් ඇති බවට වැරදි ප්‍රචාර පැතිරවීම බරපතල ගැටළුවක් වී ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේය.

මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500ත් 2700ත් අතර වේ.

යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top