Pasidol
Sathosa Ad Final Sinhala
Nov 30, 2017

තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක ලකුණු !

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300 ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නවතම තොරතුරු අනාවරණය කරයි.

එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට බලාපොරොත්තු වේ.

මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකිය.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකිය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top