Pasidol
Sathosa Ad Final Sinhala
Nov 29, 2016

කෙල්ලක් තායිලන්ත ගණිකා වෘත්තියේ යෙදවූ ලක් කොල්ලො දැලේ (වීඩියෝ)

රැකියාවක් ලබාදෙන බව පවසමින් අවුරුදු 20ක් වයසැති තරුණියක තායිලන්තයට රැගෙන ගොස් ගණිකා ජාවාරමේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පටායා මේල් වාර්තාකර ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇති තරුණයන් වන්නේ හර්ශ කුමාර (24) හා මධුර තුෂාර (26) යන දෙදෙනාය.

මෙම තරුණිය බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිවිරෝධී මිනිස් ජාවාරම යන චෝදනාව යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, තරුණියට එරටේදී රැකියාවක් දෙන බව පවසා රැගෙන ගොස් සංචාරක වීසා මත රැඳී සිටිමින් ඇයව ගණිකා සේවයේ යොදවා ඇති බව අනාවරණය වී තිබේ.

comment (1)

  • පසිනි

    කිසිම දෙයක් හොයලා බලන්නෙ නැතුව රස්සාවක් දෙනවා කිවුව ගමන් යනවට ගැහුනු ළමයින්ට මේවා හොද පාඩම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top