Pasidol
Sathosa Ad Final Sinhala
Dec 22, 2017

සාපෙළ දෙමළ ගාල්ලෙදි අන්ඩර දෙමළ වෙලා !

අපොස සාමාන්‍ය පෙළෙ ‍විභාගයේ පැරණි නිර්දේශය යටතේ දෙවන බස දෙමළ භාෂාවට පිළිතුරු සැපයීමට පුද්ගලිකව අයැදුම්කර ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දී ඊ යේ (21) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් පිරිසකට දෙමළ නව නිර්දේශයේ ප්‍රශ්නපත්‍රයක් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිට එම අයදුම් කරුවෝ ලිඛිතව දැනුම් දිමක්ද සිදු කර ඇත.

කෙසේවුවද, ඊට පිළිතුරු ලෙස විභාග ශාලාධිපතිවරයා පවසා ඇත්තේ තමාට ලබාදී ඇත්තේ අදාළ ප්‍රශ්නපත්‍ර බවයි.

සිද්ධියෙන් අපේක්ෂකයන් 12 දෙනෙකුට අසාධාරණයක් වී ති‌බේ.

මේ අනුව මේ අයදුම් කරුවෝ දැඩි අපහසුතාවයකට පත්වූ බවද ඔවුහු ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියහ.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු

OLe1

OLe2

OLe3

OLe4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top