Pasidol
Sathosa Ad Final Sinhala
Dec 01, 2016

පොලිස්පතිගේ හැසිරීම වැරදියි-ජනපති(update)

ඊයේ රත්නපුර ප්‍රදේශයේ පැවති ප්‍රසිද්ධ රැස්වීමක් ආමන්ත්‍රණය කරමින් සිටි  පොලිස්පතිවරයා හැසිරුණු ආකාරය වැරදි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(01දා)පාර්ලිමේන්තුවේදී විමලවීර දිසානායක මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.

පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද මාධ්‍ය මගින් දුටු බවත්,එසේ හැසිරීම වැරදි බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

update-15.07pm

----------------------------------------------------------------------------------------------------------

සිරස පොලිස්පතිගේ රෙදි ගැලෙව්වා ? “මේකද යහ පාලනේ”

ඊයේ (30) රත්නපුරේ පැවති පොලිස් දෙපාර්තමේන්තුවේ සැමරුම් උත්සවයක් අතර එම උත්සවය අමතමින් සිටියදී පොලිස්පතිවරයාට ලැබුණු දුරකතන ඇමතුමකට ඔහු පිළිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විකාශය කළේය.

‘යහපාලනය මේකද.. නීලම් කියන්නේ කවුද.. මේ ගැන පරීක්‍ෂණයක් කල යුතු නොවේද’ යන විශේෂණයන්ද ප්‍රවෘත්තිය අවසානයේ ප්‍රශ්ණ ලෙස තිරයේ ප්‍රදර්ශණය විය.

දර්ශන අනුග්‍රහය - News 1st Digital

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top