Pasidol
Sathosa Ad Final Sinhala
Jan 04, 2018

ඡන්ද අපේක්ෂකයා කසිප්පු පෙරමින් සිටියදී මාට්ටු වෙයි

පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු කසිප්පු පෙරමින්  සිටියදී  මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදීය.
 
සැකකරුවන් සන්තකයේ තිබී කසිප්පු මිලිලීටර් 20250ක් සීනි කරිඤ්ඤං මිලි ලීටර් 50000ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
 
සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top