Pasidol
Sathosa Ad Final Sinhala
Jan 07, 2018

අගමැති ඩිජිටල් ආර්ථිකය සංවර්ධනයට උපායක් යොදලා

ලබන වසර වන විට මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට එකේ සිට තුන දක්වා ප්‍රමාණයකින් ඉහළ නැංවීමේ අපේක්ෂාවෙන් ඩිජිටල් ආර්ථික උපාය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

ලොව ප්‍රමුඛ මූල්‍ය හා කළමනාකරණ උපදේශක සමාගමක් වන මැකෙන්සි සමාගමේ සහයෝගය ඇතිව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් එම වැඩසටහන පසුගිය වසරේ දී ආරම්භ කළ බවද අදාළ නිවේදනයේ දැක්වේ.

අදියර තුනකින් සමන්විත වැඩසටහනේ ආරම්භක වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් ඇති බවද පැවසේ.

ඒ අනුව ලබන 15 වන දින සිට සති දෙකක් තුළ ව්‍යාපෘතියේ හදුනාගැනීමේ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

කෘෂිකාර්මික, සංචාරක සහ නිෂ්පාදන ක්ෂේත්‍ර තුළින් ඩිජිටල් ආර්ථික උපාය මාර්ග ප්‍රවර්ධනය කිරීමට මේ අනුව ඉලක්ක කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top