Pasidol
Sathosa Ad Final Sinhala
Dec 01, 2016

බූවල්ලන්ට උගුල් අටවන්න සූදානම්

ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්න මුහුදු කලාපය ආශ්‍රිතව බූවල්ලන් ඇල්ලීම සඳහා විශේෂ උගුල් (Top shells) 100,000 ක්  කොරියාවෙන් ශ්‍රී ලංකාව වෙත  එවා තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාවෙන් බූවලු සම්පත නෙළාගැනීමේ වසර දෙකක නියමු ව්‍යාපෘතියක් සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ දකුණු කොරියාව අතර පසුගියදා අත්සන් තැබුණු බවයි.

ඒ අනුව දකුණු කොරියාව සඳහා බූවල්ලන් අපනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්න මුහුදු කලාපය ආශ්‍රිතව සිදු කරනු ලබන මෙම නියමු ව්‍යාපෘතිය නාරා ආයතනයේ හා කොරියාවේ ඩේජින් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලිකත්වයෙන් සිදුවේ.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ බූවල්ලන් විශේෂ කිහිපයක් බහුලව දැකිය හැකි අතර, ඉන් එක් විශේෂයක් වන Cistopus taiwanicus නම් බූවලු විශේෂය කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඈත පෙරදිග රටවල් වන ජපානය, මැලේසියාව හා චීනය යන රටවල් සමගද ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top