Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 10, 2018

නොසන්සුන් වූ පාර්ලිමේන්තුව 23 තෙක් කල්තබයි (update)

අද(10) පැවති පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයේදී ඇතිවූ නොසන්සුන් වාතාවරණය හේතුවෙන් පාර්ලිමේන්තුව ලබන 23 දා දක්වා කල්තබා තිබේ.

අද දින පාර්ලිමේන්තුව සවස 6.30 දක්වා පැවැත්වීමට නියමිතව පැවතියත් මුලින්ම විනාඩි 10 කට කල්තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට සිදුවිය.

පසුව එය 23 දා දක්වාම කල් තැබීමට කටයුතු කර තිබේ.

ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.

update- 02.35pm

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

හොරු ගැන කතා කළ පාර්ලිමේන්තුව ගුටි බැට ඇන ගනී

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේ.

ආණ්ඩුවේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මෙම ගුටිබැට හුවමාරුව සිදුව ඇත.

මේ සඳහා රෝහිණි කවිරත්න සහ තුසිතා විජයමාන්න යන මන්ත්‍රීවරියන් දෙදෙනාද එක්ව ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරුන්ට එළවා එළවා පහරදී "කවුද හොරා ... රනිල් හොරා ... " යැයි ඒකාබද්ධ විපක්ෂය විරෝධතා පාඨ කියද්දී " කවුද හොරා .. මහින්ද හොරා... " යැයි ආණ්ඩු පක්ෂයෙන් විරෝධතා පාඨ කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.

ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.

 

DTKF4hTVMAE4wMe

1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top