Pasidol
Sathosa Ad Final Sinhala
Jan 19, 2018

ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකව එළිදකී

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක "ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකව" එළිදැක්වීමේ උත්සවය හෙට (20) කොළඹ දී පැවැත්වෙයි.

ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළේ ය.

කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර ඒ සඳහා සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top