Pasidol
Sathosa Ad Final Sinhala
Dec 04, 2016

උතුර දකුණ යාකරන්න සංස්කෘතික වැඩක්

මෙරට සාමය සහ සංහිඳියාව ගොඩනැංවීම අරමුණු කරගෙන උතුරේ දෙමළ ජනතාව සහ දකුණේ සිංහල ජනතාව අතර සංස්කෘතිකමය වැඩසටහනක් දියත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

විදේශ ඇමැති මංගල සමරවීර මහතාගේ මෙහෙයවීම මත ලබන වසර මුලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහි දී දෙපාර්ශ්වයේ ගැටලු සහ අභියෝග සම්බන්ධයෙන් විවෘත සංවාදයක් කිරීම සහ සංස්කෘතික ඒකාබද්ධතාවක් වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් තුළින් මෙම ගැටලු විසඳා ගැනීමට ආණ්ඩුවෙහි ඇති යෝජනාවට සමගාමීව මෙම ව්‍යාපාරය දියත් වනු ඇත.

පුරවැසියන් තුළින්ම එන යෝජනා චෝදනා සංවාදයකට ලක් කර වඩා නිවැරැදි කල් පවත්නා විසඳුමක් වෙනුවෙන් පියවර ගැනීම මෙහි අරමුණ වී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top