Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 04, 2016

'මාව විකුණන් කන්න එපා' – හිරෙන් එලියට ආ ඩෑන් කියයි (වීඩියෝ)

දින ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිට පෙරේදා දිනයේ නිදහස් කරන ලද ඩෑන් ප්‍රියසාද් ජාතික සංවිධානවලට දිගට හරහට බැණ වදිමින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබේ.

මුස්ලිම් ව්‍යාපාරිකයින් පිරිසක් විසින් ශ්‍රී පාද අඩවියේ හෝටලයක් ඉදිකරන බවට පසුගිය දා සමාජ ජාල හරහා පුළුල් ප්‍රචාරයක් දියත්වූ අතර, ඩෑන් ප්‍රියසාද් යනු මෙම ක්‍රියාවලියේ දී ෆේස්බුක් සමාජ ජාලය හරහා ක්‍රියාකාරීව දායකත්වය සැපයූ තරුණයෙකි.

කෙසේ වුවද ඔහුගේ ප්‍රකාශ තුලින් ජාතික සමගිය බිඳවැටෙන බවට චෝදනා කරමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර,  පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පසුගිය දා ඇප ලබා බන්ධනාගාරයෙන් එළියට පැමිණි ඩෑන් ප්‍රියසාද් පවසන්නේ, සිංහල ජාතික සංවිධාන එක් වී තමන්ව බේරාගත් බව අමූලික බොරුවක් බවයි.

තමන්ව බේරාගැනීමට කටයුතු කළේ තම බිරිඳත් මිතුරනුත් පමණක්වන බව පවසන ඩෑන් ප්‍රියසාද්, තම මිතුරන්ගෙන් ඇතැමුන් ද තමන්ගේ නම භාවිතා කර මුදල් සෙවූ බවට චෝදනා කරයි.

ජාතික සංවිධාන එකතු වී තමන්ව අන්ත අසරණ කළ බවත් ඒ වෙනුවෙන් ඔවුනට දෙවියන් විසින් දඬුවම් ලබා දෙනු ඇති බවත් ඔහු පවසයි.

එමෙන්ම තමන්ව සිරගත කිරීම පිටුපස සිටින්නේ ද සිංහල ජාතික සංවිධාන බවත් එය ඔප්පු කිරීමට සාක්ෂි තමන් සතුව ඇති බවත් ප්‍රියසාද් අවධාරණය කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top