Pasidol
Sathosa Ad Final Sinhala
ඡායාරූපය - ලංකාදීප ඡායාරූපය - ලංකාදීප
Feb 05, 2018

ඇලෝසියස් සහ පලිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙ‍ෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මේ වනවිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත  රැගෙනවිත් තිබේ.

ඊයේ (04) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ මොවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේම කොළඹ - කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.


update-09 50am

ඇලෝසියස් සහ කසුන් පලිසේන රිමාන්ඩ්

බැඳුම්කර වංචාවට සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අද (05) තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ඊයේ (04) රාත්‍රී නියෝග කළාය. 

ඔවුන් දෙදෙනා රහස් පොලිස් භාරයට ගනු ලැබුවේ ඉරිදා (04) උදෑසනය. ඉන් පසු රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු රහස් පොලිසිය ඊයේ රාත්‍රී ඔවුන් කොටුව මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළේය.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top