Sathosa

Dec 04, 2016

බදුල්ලේ ආයු කාලය වසර 50යි!

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන පරිසර විනාශය හේතුවෙන් බදුල්ල පවතින්නේ තවත් වසර 50ක් පමණ බව ගොඩනැගිලි පර්යේශණ ආයතනයේ දත්තවලට අනුව පෙනී යන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා කියා සිටියි.

බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඉදිරි කාලයේදී දැවැන්ත පරිසර විනාශයක් සිදු වන බව පෙන්වා දෙන දිස්ත්‍රික් ලේකම්වරයා ඊට  මුහුණ දීමට කාලය එළඹ ඇති බව පෙන්වා දෙයි.

ඉදිරි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා මෙම අදහස් පළ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top