ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූ අනාවරණයට අදාලව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය චීන සංචාරය අතරතුරදී ප්‍රකාශ කර තිබූ අතර රාජපක්ෂ පාලන කාලයේ එම විෂයභාරව සිටි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඊට පිළිතුරු දිය යුතු බව විපක්ෂය ප්‍රකාශ කර තිබුණි.
FCID පරීක්ෂණයක් :
අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට අදාළ මුදල් ඉවත්කර ගැනීම පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එම පරීක්ෂණවල ඉදිරි පියවරයන් සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන්ද අවසර ලබාගෙන ඇත.
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව 2015 ජනවාරි 06 දින ඇමරිකානු ඩොලර් 14995000ක් හෙවත් රුපියල් 2009342335.71ක්ද, ජනවාරි 07 දින ඇමරිකානු ඩොලර් 7480000ක් හෙවත් රුපියල් 1003136335.71ක්ද අදාළ ව්‍යාපෘතිය යටතේ ඉවත්කර ගෙන ඇති අතර ඊට පෙර 2014 දෙසැම්බර් 30 දින රුපියල් 998576311ක මුදලක් ඉවත් කරගෙන ඇත.
මෙම ගිං නිල්වලා ව්‍යාපෘතිය සඳහා චීන සමාගම සමඟ 2014 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කර ඇති අතර ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 690ක් වී ඇත.
ගෙවීම් කලත් වැඩක් වෙලා නැහැ :
අදාළ ගෙවීම් එම සමාගමට සිදුකර ඇති බව ප්‍රකාශ වෙතත් ඒ වෙනුවෙන් කිසිදු කටයුත්තක් අදාළ සමාගම සිදුකර නැතැයි වැඩිදුර වාර්තාවේ.
වත්මන් කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද ගිං නිල්වලා ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහි පළමු අදියරට සෑම ප්‍රදේශයේ භූගෝලීය පරීක්ෂාවන්, ව්‍යාපෘතියට සැලසුම් සකස් කිරීම ඇතුළත් වී ඇත.
ඉදිකිරීම් කටයුතු එහි දෙවන අදියරට අයත්ය.
ගිං නිල්වලා ව්‍යාපෘතියට කැබිනට් අනුමැතියක් ලැබී ඇතිදැයි වාරිමාර්ග හා ජලසම්පත් අමාත්‍ය විජිත මුණි සොයිසා මහතා ගෙන් විමසුවිට කියා සිටියේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුවන බැවින් කිසිවක් ප්‍රකාශකළ නොහැකි බවයි.
(රාවය)